දකුණු සහ සබරගමුව පළාත්හි මතුව ඇති ආපදා තත්ත්වය නිසා එම පළාත්හි පිහිටි ලේ බැංකු කිහිපයක් අඩපණ වී ඇති බැවින් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන ලේ බැංකුවේ සහ ප්‍රාදේශීය ලේ බැංකුවල රුධිර සංචිත ඉහළ නැංවීම සඳහා රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහාය බලාපොරොත්තු වන බව ජාතික රුධිර මධ්‍යස්‌ථානයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂක පී. ඒ. උපාලි ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මෙම හදිසි අවස්‌ථාවේදී රුධිර පරිත්‍යාග කිරීමට කැමැති වයස අවුරුදු 55 ට අඩු කිලෝ ග්‍රෑම් 50 කට වඩා බර වැඩි, විවිධ අසනීප සඳහා ඖෂධ ලබා නොගන්නා දියවැඩියා, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් නොපෙළෙන නිරෝගිමත් ස්‌ත්‍රී/ පුරුෂ දෙපක්‌ෂයටම ලේ පරිත්‍යාග කිරීමට හැකිය.
මෙහිදී කොළඹ නාගරික සීමාවේ පරිත්‍යාගශීලීන්ට කුඩා කණ්‌ඩායම් වශයෙන් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්‌ථානයට පෙ.ව. 8.00 – ප.ව. 6.00 දක්‌වා පැමිණ රුධිරය පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත. අනෙකුත් ලංකාව පුරා විසිරී සිටින ලේ පරිත්‍යාගශීලීන්ට තමන්ට ළඟම තිබෙන ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කිරීමට හැකිය. දැනටමත් රුධිරය පරිත්‍යාග කර ඇති පරිත්‍යාගශීලීන්ට මාස 4 කට වරක් නැවත නැවතත් ලේ පරිත්‍යාග කළ හැකිය.
තවද කොළඹ අවට කුඩා කණ්‌ඩායම් වශයෙන් නාරාහේන්පිට ලේ බැංකුවට පැමිණෙන්නේ නම් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත. ලේ පරිත්‍යාගශීලීන් 50 ත් 100 ත් අතර සංඛ්‍යාවක් සඳහා ජංගම කඳවුරක් සංවිධානය කරගත හැකිය.
සියලුම සංවිධාන කටයුතු සඳහා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්‌ථානයේ ජංගම රුධිර දායක අංශයේ දුරකථන අංක 011-5332154 න් විමසන්න.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.