FAST NEWS

24×7 Around the Globe

අාපදා මරණ 206 දක්වා ඉහළට – පවුල්170,486 ක් විපතට..

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මෙ දක්වා වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයිද  පුද්ගලයින් 92 ක් තවමත් අතුරුදන් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි..

එසේ  අපදා තත්වය හේතුවෙන් පවුල්170,486ක,පුද්ගලයින් 658,490 ක් විපතට පත්ව ඇති බව එම නිවේදනයෙහි සඳහන්.

පූර්ණ හානි නිවාස 1713ක් හා අර්ධ හානී නිවාස 9294ක් ලෙසද තොරතුරු වාර්තා වේ.

අවතැන් වූ පවුල් 18106ක පුද්ගලයින් 68734ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 365 ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

(ADS)