FAST NEWS

24×7 Around the Globe

වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාවන්ට වසර 10 ක සිරබත්..

වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාවන් සිදු කිරීම වසර දහයකට (10) වඩා වැඩි සිර දඬුවම් පැනවිය හැකි වරදක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

එහෙයින් එ පිළිබඳව මෙරට මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම එසේ හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් එ මහතා පෙන්වා දුන්නේය.

තවද මෙරට ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවන වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ තත්ත්වයන් දිනෙන් දින වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබෙන බවත් නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස සුරකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(ADS)