FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ නඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න මහාධිකරණය විමසයි.

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහි නඩුව දිගටම පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදාට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.

වෙලේ සුදාගේ තොරතුරු ඇතුළත් ගල්කිස්ස පොලිසියේ තිබූ තොරතුරු පොත නැතිවීම හේතුවෙන් මෙම නඩුව දිගටම පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගීම හේතුවෙන් අධිකරණය මේ බව දන්වා ඇත. 2000 වසරේ මැයි මාසයේදී හෙරොයින් ග්රෑම් 6.07 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට මෙම නඩුව පවරා ඇත.