FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රීක් කිහිපයකට තද සුළං – තද වැසිත් වැටෙයි…

අද දිනය තුළ දිවයින හරහා විටින් විට තද සුළං ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) පෙරවරුවේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සුළං ඇතිවිය හැකි බවද එහි සඳහන්.

එසේම සබරගමුව, දකුණු, බස්නාහිර සහ මධ්‍යම  පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් ,සමහර ස්ථාන වල(විශේෂයෙන්රත්නපුර, කළුතර සහ කෑගල්ලදිස්ත්‍රික්කවල) මී.මී. 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන්.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරල නිවේදෙනයෙහි වැඩි දුරටත් සඳහන් කරයි.

(ADS)