FAST NEWS

24×7 Around the Globe

ජල බිල් තැපෑලෙන් ගෙවීම අද සිට..

අද (01දා) සිට සියලුම ජල බිල්පත් ශ්‍රී ලංකාවේ ඕනෑම තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකි බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

එ අනුව ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 4610 තුළින්ම රුපියල් 05 ක කොමිස් මුදලක් ගෙවීම තුළින් බිල්පත් ගෙවීමේ හැකියාව ලැබේ.

මේ හරහා ජල පාරිභෝගිකයන්ට රුපියල් 10 ක ඉතිරියක් සිදුවන බ එම මණ්ඩලය පෙන්වා දෙයි.‍

ජල බිල්පත් ගෙවීමේදී සෑම ජල පාරිභෝගිකයෙකුම ජල බිල්පත් ගෙවන ස්ථානයට රුපියල් 15 ක කොමිස් මුදලක් ගෙවිම පිළිබඳව අවධානය යොමුකළ ජල සම්පාදන මණ්ඩලය රුපියල් 05 ක කොමිස් මුදලක් ලබාගැනීම යටතේ ජල බිල්පත් එකතුකිරීම සඳහාපසුගියදා තැපැල් දෙපාර්තමේන්තුව සමග විශේෂ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුමට අනුව ජල බිල්පත් එකතු කිරීම අද (01දා) සිට ක්‍රියාමත්මක වේ.

(ADS)