FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර.

බුද්ධි වාර්තා සලකා බලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව මේ වනවිට ඉවත් කෙරෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

බුද්ධි වාර්තාව අනුව ආරක්ෂාව අවශ්‍ය නොවන හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳව සොයාබලා ඒ පිළිබඳ කටයුතු කරන බවත්, අමාත්‍යවරුන් සම්බන්ධව මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.