FAST NEWS

24×7 Around the Globe

ආපදාව තත්වය තුළ රාජ්‍ය සේවක රාජකාරිය පිළිබඳ චක්‍ර ලේඛනයක් නිකුත් කෙරේ….

ජාතික ආපදාවක් ඇති ව තිබෙන මෙම අවස්ථාවේ දී ජන ජීවිතය යථාතත්ත්වයට පත්කරන තුරු හදිසි ආපදා තත්ත්වය තුළ රාජ්‍ය සේවකයින්ට රාජකාරි ඉටුකිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛනයක් නිකුත් කොට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇතොත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පිහිටුවා ඇති ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ 1902 හදිසි ඇමැතුම් අංකයට දැනුම් දෙන ලෙසද ස්වදේශ අමාත්‍යංශය ඉල්ලා සිටී.