සිව්වැනි දිනටත් අඛණ්ඩව දිස්ත්‍රික්ක 7කට පනවා තිබු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) පස්වරු 1ට කටයුතු කළේය.
එ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවිම් තවරදුරටත් බල පැවැත්වේ.
ඉදිරියටත් වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (31) දහවල් 1 සිට ඉදිරි පැය 24ක කාලයට අදාළ පහත නිවේදනය වලංගු වේ.
නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය
රත්නපුර – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කෑගල්ල – බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
ගාල්ල – බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ හා ආශ්‍රිත ප්‍රදේශ
කළුතර – බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ
මාතර – කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන යන ප්‍රදේශ
හම්බන්තොට – වලස්මුල්ල සහ කටුවාන යන ප්‍රදේශ
නුවරඑළිය – අඹගමුව කෝරළේ යන ප්‍රදේශ