FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමීයෝ අදත් අධිකරණයට නොවඩිති..

බොදු බල සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව අධිකරණයේ කටයුතු වලට බාධා කළැයි නීතිපතිවරයා විසින්  අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම අද (31) කැඳවනු ලැබීය.

මෙහිදි උන්වහන්සේ අසනීපව රෝහල් ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බව  ඥාණසාර හිමියන් නීතීඥවරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පවසා සිටියහ.

ඒ පිළිබඳ සලකා බලා නඩුව ලබන 12 වනදා යළි කැදවීම අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පසුගිය 24 වනදාද අදාල නඩුව  කැඳවවූ අවස්ථාවේදීද ඥාණසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පොරොන්දු වුයේ අද (31) දින වෛද්‍ය සහතිකද සමග උන්වහන්සේ අධිකරණට ඉදිරිපත් කරන බවයි.

(ADS)