FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය බොලිවුඩ් ගායිකා ශ්‍රෙයා ගෝෂාල්ට බෙංගාලි සම්මානයක්.

ජනප්‍රිය බොලිවුඩ් ගායිකා ශ්‍රෙයා ගෝෂාල් , සේරා සේරා බෙංගාලි සම්මානයෙන් පිදුම් ලබයි.මෙය හොඳම අය අතුරෙන් හොඳම අයට පිරිනැමෙන බෙංගාල සම්මානය යි.

ඇයට හුස්ටන් උතුරු ඇමෙරිකා 2015 බෙංගාලි සමුළුවේදී එම සම්මානය පිරිනැමිණි. 31 හැවිරිදි බෙන්ගාලි ගායිකාව මෙය තමා ලද විශේෂිත සම්මානයක් ලෙස සලකයි.

“මෙම අදරැති, උණුසුම් හා කෘතඥතා පුර්වක සම්මානය පිරිනැමීම ගැන මම අතිශයින් සතුටුවෙමි. අභිමානවත් බෙන්ගාලි ජාතිකයෙකු වශයෙන් එය විශේෂිත වුවකි” යි ඇය එම විශේෂ අවථාව පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබේ.