FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල වෙඩි තැබිමට සැක බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්…

රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජූනි 14 තෙක් යළි රිමාන්ඩ් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(31) නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත්තේ පුද්ගලයින් ඝාතනය කිරීමේ හා තවත් පුද්ගලයින් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත බවත් , අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එ පිළිබඳව සලකා බලා අධිකරණය සැකරුවන් යළි රිමාන්ඩ් කිරීමට නියෝල කළේය.

(ADS)