FAST NEWS

24×7 Around the Globe

තද වැසි සහ සුළං ඇතිවීමේ අවදානම අඩු වෙයි..

මෙරටට මහත් බලපෑමක්‌ එල්ල කළ “මෝරා” (MORA) සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වී ඇති හෙයින් අද (31 වැනිදා) සිට මෙරටට තද වැසි සහ සුළං ඇතිවීමේ අවදානම අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60-70 දක්‌වා තද සුළං ඇතිවිය හැකි බව ද බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(ADS)