FAST NEWS

24×7 Around the Globe

ව්‍යාපාර ලියාපදිංචිය ඔන්ලයින් (On line ) ක්‍රමයට – ඇමති රිෂාඩ්

සිය ව්‍යාපාර ලියාපදිංචිය අන්තර්ජාලය හරහා සිදු කිරීමට ලබන වර්ෂයේ සිට සමාගම් හිමීකරුවන්ට අවස්ථාව උදාවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔන්ලයින් (On line ) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළබඳව අවබෝධතා ගිවිසුමකට  අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමීන් අමාත්‍යවරයා ඊයේ (30දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී මෙ බව පැවසීය.

එ අනුව මෙම අවබෝධතා ගිවිසුමට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කේපීඑම්ජී ආයතනය වෙනුවෙන් සී.පී ජයතිලක යන මහත්වරු ද්වීපාර්ශවීකව අත්සන් තැබූහ.

(ADS)