FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති හෙට ජපානයට…

පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ (31) ජපානය බලා පිටත්ව යෑමට නියමීත බව වාර්තා වේ.

එම සංචාරයේදී ඔහු ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට සහභාගි වීමට නියමිත බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා දින 10ක පමණ කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිත බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(ADS)