FAST NEWS

24×7 Around the Globe

අපදා මරණ සංඛ්‍යාව 183 යි – 103 ක් අතුරුදන්..

දිවයිනට බලපෑ අපදා තත්වය හේතුවෙන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30දා) පෙ.ව. 9.00ට නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

එසේම අතුරුදන් සංඛ්‍යාව 103ක් දක්වාත් තුවාල ලැබූවන් 112 දෙනෙකු සිටින බවත් එහි සඳහන්.

පවුල් 142811 කට අයත් පුද්ගයන් 545283ක් මෙ වන විට අවතැන්ව සිටින බවත් , නිවාස 768 ක් පූර්ණ ලෙස හානියට පත්ව අර්ධනිවාස හානි 5869 ක් වාර්තා වන බවත් පැවසේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ  79 ක් හා කලුතර දිස්ත්‍රික්කයෙන් මරණ 54ක් වාර්තා වන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(ADS)