FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නව පනතක්..

සියළු විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන කිරිඇල්ල මහතා ,කොළඹ පිටිපන ප්‍රදේශයේ ඉදිකරන නව විශ්ව විද්‍යාල නේවාසිකාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැති උත්සවයට ඊයේ (29) එක්වෙමින් සඳහන් කළේ ය.

එමෙන්ම විශ්ව විද්‍යාල තුළ නවීන ලෝකයට ගැළපෙන පරිදි නව අධ්‍යාපන පීඨ ආරම්භ කරන බවත්, විශ්ව විද්‍යාල දියුණු කිරීමට වත්මන් රජය කැපවී ක්‍රියායාකරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

(ADS)