FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජනක බණ්ඩාරට තවත් ධූරයක් අහිමී වෙයි…

හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කොට ඒ බව ලිඛිතව දැනුම් දී  ඇති බව වාර්තා වේ.

ඒ අනුව දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරය සඳහා දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යු .ආර්. දයානන්දසිරි මහතා පත්කළ බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා මාධ්‍ය වෙත නිවේදනය කර සිටියේය.

මීට අමතරව දඹුල්ල සංවර්ධන කමිටු සම සභාපති ධුරයේ දඹුල්ල එ.ජා.ප. ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාද කටයුතු කරනු ලබයි .

(ADS)