FAST NEWS

24×7 Around the Globe

MORA බංග්ලාදේශයට – මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව තද සුලං..

සුළි කුණාටුව (MORA) අද (30) දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එ අනුව හෙට (31) සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව එම නිවේදනයෙහි සඳහන්.

නමුත් එහි බලපෑම හේතුවෙන් අද දින දිවයිනේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන්  අපේක්ෂා කල හැකි බවත් , විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා ඉතා තද සුළං ඇතිවන බවද කාළගුණ නිවේදනයෙහි සඳහන්.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්
ඇතැම් ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක කාළගුණ විද්‍ය දෙපාර්තුමේන්තුව අද නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(ADS)