FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර පාසල් 14 ක් 05 වැනිදා සිට වැසේ..

පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුර සහ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපවල පාසල් 14ක් තාවකාලිකව වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අනුරාධපුර පොසොන් උත්සව කමිටුව සිදු කල ඉල්ලීමකට අනුව අදාළ පාසල් ජුනි මස 05 වනදා සිට 11වනදා දක්වා වසා තැබීමට තිරීණය කළ බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

පොසොන් උත්සවය සමයේ අනුරාධපුර ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පැමිණෙන අතිරේක පොලිස් භට කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවකයන් සඳහා නවාතැන් සැපයීමට මෙලෙස පාසල් වසා තැබෙනු ඇත.

ඒ අනුව, අනුරාධපුර නගරයේ පාසල් 10ක්, මිහින්තලේ නගරය ආශ‍්‍රිත පාසල් 03ක් සහ තන්තිරිමලේ ප‍්‍රදේශයේ එක් පාසලක් ද තාවකාලිකව වසා දැමීමට නියමීතය.

වසා තැබෙන පාසල් ලැයිස්තුව පහතින්..

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
ස්වර්ණපාලී ජාතික පාසල
වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය
සහිරා මහා විද්‍යාලය
විවේකානන්ද දෙමළ මහා විද්‍යාලය
නිවත්තකචේතිය මහා විද්‍යාලය
ශාන්ත ජෝශප් මහා විද්‍යාලය
කේ.බී.රත්නායක මහා විද්‍යාලය
දෙවානම්පියතිස්සපුර විද්‍යාලය
මහා බෝධි විද්‍යාලය
මිහින්තලේ මහා විද්‍යාලය
මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලය
කම්මලක්කුලම විද්‍යාලය
තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය