FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී වැඩ වර්ජනය සති 2 කින් පස්සට..

මෙම සතිය තුළ පැවැත්වීමට නියමීතව තිබු සයිටම් විරෝධී වැඩ වර්ජනය ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සති 2 කට කල් දැමූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සංවිධායක ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පැවැසුවේ සයිටම් විරෝධී වෘත්තීය සමිති සියල්ල එක්වී මෙම තීන්දුව ගත් අතර ඉදිරි සති 2න් පසුව නැවත ගන්නා තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වීමත් දේපළ විනාශ වීමත් පමණක් නොව ලක්ෂ ගණනක පිරිසක් දැනට අවතැන්ව කඳවුරුවල සිටින හෙයින් මෙවැනි තීරණයකට එළැඹීමට සිදුවූ බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

(ADS)