FAST NEWS

24×7 Around the Globe

සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා – ජනපති

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ලබාදීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (29) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය ජනාධිපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේ ය.

එහිදී ජනාධිපතිවරයා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය වෙත උපදෙස් ලබාදුන්නේ යම් හෙයකින් දැනට සිදුකරන සහන කටයුතු සඳහා ලබාදී ඇති මුදල් ප්‍රතිපාදන තවත් වැඩි කළ යුතු නම් එය කඩිනමින් තමාට දැනුම් දෙන ලෙසත් ඉන් අනතුරුව අවශ්‍ය තරම් මුදල් ලබාදීමට තමන් කටයුතු කරන බවත් ය.

(ADS)