FAST NEWS

24×7 Around the Globe

සහන සැලසීමට චීනයෙන් ඇ.ඩො ඩොලර් මිලියන 2.2 ක්..

ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකිකයන්ට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.2ක (රුපියල් ලක්ෂ 4,000) හදිසි ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කරයි.

ඒ අනුව කූඩාරම්, බ්ලැන්කට්, ඇතිරිලි, වැසි සපත්තු ආදිය හදිසි ආධාර ද්‍රව්‍ය ඇතුළත් විශේෂ ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත එවීමට චීනය පියවර ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර නායයාම් සහ ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය කනගාටුව පළ කරන බව චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ප්‍රකාශ කර තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද සඳහන්කර තිබේ.

පීඩාවට පත් ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් කනගාටුව පළ කරන බවද මියගිය පුද්ගලයන් වෙනුවෙන් ශෝකය පළ කරන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන බවද එම තානාපති කාර්යාලය කියයි.

(ADS)