තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා අලෙවි කරනු ලැබූ හයිබි‍්‍රඞ් මෝටර් රථ 625000ක් ආපසු කැඳවීමට ටොයෝටා සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කළ ජපාන ටොයෝටා සමාගම පවසා ඇත්තේ බල පරිවර්තකයක් මෙහෙයවනු ලබන මෘදුකාංගයක දෝෂයක් හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී මෝටර් රථය හදිසියේ නවතින බවට වාර්තාවී ඇති බවයි.
මෙවැනිම සිදුවීමක් හේතුවෙන් පසුගිය වසරේදීද පි‍්‍රයස් රථ මිලියන 1.9ක් ආපසු කැඳවීමට සමාගම විසින් පියවර ගන්නා ලදී.
එම දෝෂය හේතුවෙන් මෙතෙක් කිසිදු අනතුරක් හෝ හානියක් වාර්තා වී නොමැති බවත් රථය ධාවනය කරන ඇතැම් අවස්ථාවලදී හයිබි‍්‍රඞ් පද්ධතිය අකර්මණ්‍යවී රථයට බලශක්තිය ප‍්‍රමාණවත් නොවීමෙන් එය නැවතීම සිදුවන බව ටොයෝටා නිවේදනයේ දැක්වේ.
පි‍්‍රයස් වී, පි‍්‍රයස් ඇල්ෆා, පි‍්‍රයස් ප්ලස් මෙන්ම ඕරිස් හයිබි‍්‍රඞ් රථ මාදිලි කිහිපයක්ද මෙලෙස ආපසු කැඳවීමට ලක්ව තිබේ.
මෙම තාක්‍ෂණික දෝෂයට අදාළ මෝටර් රථ වලින් අඩක්ම ජපානය තුල අලෙවි කළ ඒවා වන අතර ඉතිරි කොටසෙන් බහුතරයක් 2010 මැයි සහ 2014 නොවැම්බර් අතර කාලයේදී උතුරු ඇමරිකාව හා යුරෝපය තුළ අලෙවි කළ මෝටර් රථ බව පැවසේ.
මහා පරිමාණ නිෂ්පාදනය ඇරඹි ලොව පළමු හයිබි‍්‍රඞ් මාදිලියක් වන ටොයෝටා පි‍්‍රයස් එහි ඇති පරිසර හිතකාමීත්වය හේතුවෙන් ඉතාමත් ජනපි‍්‍රයවූ රථයකි.





