FAST NEWS

24×7 Around the Globe

කැළණි, කළු, ගිං, නිල්වලා ජල මට්ටම් පහළට..

කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගං වතුර තත්ත්වයක් පැවති පානදුගම සහ ඌරාව යන ප්‍රදේශවල තවමත් ජලය බැස ගොස් නොමැති බව වාර්තා වේ.

එමෙන්ම අද(29) උදෑසන වනවිට කැළණි ගගේ නාගලගං වීථිය ජල මාපකයේ ජල මට්ටම සටහන්ව තිබුණේ අඩි 3.5 ක් ලෙසය.

රත්නපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජල මාපකයට අනුව කළු ගගේ ජල මට්ටම මීටර 7.25 ක් සහ පුටුපාවුල ප්‍රදේශයේ මීටර 6.72 ලෙස සටහන්ව තිබුණි.