FAST NEWS

24×7 Around the Globe

අනතුරට පත් හෙලිකොප්ටර් නියමුවාට ජනපතිගෙන් ප්‍රශංසා..

බද්දේගම ප්‍රදේශයේදී අවතැන්වූ ගම්මානයකට ගුවනින් ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ නියමුවා ලෙස කටයුතු කළ බලඝන නායක භානුක දෙල්ගහගොඩට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුරකථනයෙන් කථා කොට ප්‍රශංසා කර තිබේ.

භාණ්ඩ තොගයක් රැගත් ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් බද්දේගම ප්‍රදේශයේ ජලය පිරි ස්ථානයකට හදිසියේ ගොඩබස්වනු ලැබ ඇති අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ අනතුරට ලක්වනවිට එහි 11 දෙනෙකු ගමන් කර ඇති බවයි.

කෙසේ වෙතත් එහි ගමන් කළ කිසිවෙකුට හානි සිදුවී නොමැත.