FAST NEWS

24×7 Around the Globe

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි..

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

අද (29) උදෑසන ආපදා සහන කටයුතු සඳහා ගිය එම්.අයි 17 වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් යානය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.