FAST NEWS

24×7 Around the Globe

UPDATE: ආපදා තත්ත්වයෙන් මියගිය අයගේ සංඛ්‍යාව 166 දක්වා වැඩි වේ..

UPDATE: ආපදා තත්ත්වයෙන් මියගිය අයගේ සංඛ්‍යාව 166 දක්වා වැඩි වේ..

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 102 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 164ක් හා අතුරුදන්වීම් 104ක් දක්වා වැඩි වෙයි..

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 104ක් දක්වාත් තුවාල ලැබූවන් 85 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙ.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම මේ හේතුවෙන් පවුල් 128586කට අයත් පුද්ගයන් 471542ක් අවතැන්ව සිටින බවත් නිවාස අර්ධ හානි 4266ක් හා පූර්ණ හානි 412ක් සිදුව ඇති බවත් වාර්තා වෙයි.

වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71ක් වන බවත් හා අතුරුදන් සංඛ්‍යාව 20ක් වන බවත් වාර්තා විය.

වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 69ක් වන බවත් හා මරණ සංඛ්‍යාව 53ක් වන බවත් වාර්තා විය.

පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 41545කට අයත් පුද්ගලයින් 131775ක් අවතැන්ව සිටිති.