FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අවදානමක් නිකුත් කෙරේ..

වර්ෂාව අඛණ්ඩව පැවතුනහොත් නායයෑම් අවදානම් සහිත කඳුබෑවුම්වලින් ඉවත් වන ලෙස දන්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 08 ක් සඳහා නායයෑම් අවදානමක් නිකුත් කර තිබේ.

අද(27) පස්වරු 1 සිට පැය 24 ක් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක අතර
එමගින් දැනුම් දෙන්නේ ගස් හෝ කණු ඉදිරීයාම, ගොඩනැගිලි හෝ බිත්ති ඉරිතැලීම වැනි පූර්ව නායයාමේ සලකුණු පිළිබදව අවධානයෙන් සිටින ලෙසය.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම පවතියි.