FAST NEWS

24×7 Around the Globe

චක්‍රලේඛ නොසලකා විපතට පත් ජනතාවට සහන සලසන්න..

චක්‍රලේඛ නොසලකා විපතට පත් ජනතාව වෙත අවශ්‍ය සහන සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ජල ගැලීමෙන් පිඩාවට පත් කළුතර ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.