FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා තෙදින රාජ්‍ය සංචාරය නිම කළ ජනපති දිවයිනට..

ඕස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(26) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි අතර වසර 65කට පසු ඕස්ට්‍රේලියාවේ නිළ රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබ එහි සංචාරයක නිරත වූ ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වේ.

ජනාධිපතිවරයා ඊයේ(26) ඕස්ට්‍රේලියාවේ සිට මෙරට ගං වතුර තත්ත්වය පිළිබදව ප්‍රකාශයක් නිකුත් කළ අතර අදාළ සහන කටයුතු නිසි පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.