FAST NEWS

24×7 Around the Globe

හෙට පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දැමේ..

ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බවත්, ඉදිරි දිනයක් දැනුම් දෙන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී කියා සිටියේය.

හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.