FAST NEWS

24×7 Around the Globe

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළට..

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ද මේ වන විට වැසි ඇද හැලෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතවයක් ලැබී ඇති බවයි.

ඒ අනුව විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙතෙක් ජල විදුලි නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.