FAST NEWS

24×7 Around the Globe

කුමන අභියෝග හමුවේ වුවද ජනතාව වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට..

සත්‍යට වඩා වේගයෙන් අසත්‍ය පැතිර යන බැවින් බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා ලොව පුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය ඇතැමුන් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

කුමන අභියෝග හමුවේ වුවද ජනතාව වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔස්ට්‍රේලියානු තෙදින රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි.