FAST NEWS

24×7 Around the Globe

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය 60 සහ 70 දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට ඉතා රළු වියහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල තද වැසිද බලාපොරොත්තු වියහැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ ධීවර හා නාවික ප්‍රජාව මේ පිලිබඳ සැලකිලිමත් වන ලෙසයි.