FAST NEWS

24×7 Around the Globe

ජලයට කොටුවී ඇත්නම් බෝට්ටු සඳහා අමතන්න..

ජලගැලීම් තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනයාට බෝට්ටු අවශ්‍යව ඇත්නම්  071-6453402, 077-4652278, 077-3410575 යන දුරකථන අංකවලින් ඉල්ලා සිටින ලෙස ධීවර අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

රට වටා ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර ඇතැම් පිරිස් ජලය පිටාර ගැලීම හේතුවෙන් කොටුවී ඇති බව වාර්තා වී ඇත.

ත්‍රිවිධ හමුදාවන් මෙන්ම පොලීසියද, සහන සේවා කණ්ඩායම්ද විපතට පත් පිරිස් වෙත සහයවනු පිණිස යොදවා ඇති බවද වාර්තා වේ.