FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන තදබදයක්..

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශයන්හි මාර්ගවල මේ වනවිට රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම මීට හේතුවී ඇති අතර අදාල ප‍්‍රදේශවල බොහෝ අතුරු මාර්ග ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි.