නිල්වලා, ගිං, සහ කළු ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි.
මේ අතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයක පවතියි.
මේ නිසා කැළණි ගඟ දෙපස ජනතාවට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කලේය.
ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලූව, හබරකඩ සහ මොරවක, යක්කලමුල්ල, ඉමදූව, වල්පොල, තවලම, ආදී ප්‍රදේශ මුළුමනින්ම පාහේ ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.
කළුගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ – පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේය.
එමෙන්ම, කිරම ඔය පිටාර ගැලීම නිසා මාතර – කඹුරුපිටිය සහ මුලටියන ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවටද ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් ඇති බව වාර්තා විය.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.








