FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක කදු නාය යයි – දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්..

මාතර – දෙණියාය – මොරවක කන්ද ඊයේ(25) රාත්‍රීයේ නායයාමකට ලක්වී ඇති අතර පොලීසිය සඳහන් කළේ අදාළ ප්‍රදේශයට ළඟාවීම සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

එමෙන්ම, කළුතර – බුලත්සිංහල ප්‍රදේශයේ ද නායයාමක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ අතර  බදුරලිය – බෙල්ලන මාවතවත්ත ඩෙල්කිට් වතුයායේ කන්දක්ද නාය ගොස් ඇති බව වාර්තා විය.

රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල, දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක් ද නිකුත් කර ඇති අතර ආපදාවලට ලක්ව සිටින පිරිස් මුදා ගැනීම ඇතුළු සහන සැලසීමේ මෙහෙයුම් සඳහා බෙල් – 212 සහ එම්.අයි – 17 හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව පැවසුවේය.