FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල වෙඩි තැබු කණ්ඩායම මෙහෙයවු බ්‍රිගේඩියර් අත්අඩංගුවට..

රතුපස්වල පානීය ජලය සම්බන්ධ විරෝධාතාවයේදී  විරෝධිතාකරුවන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතාව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ගුණවර්ධන මහතාව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ..

2013 අගෝස්තු 1 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.

(ADS)