FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2016 පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල  ඊයේ (24) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයඳුම්කරුවන් 143,724ක් පෙනී සිටි අතර විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන “www.doenets.lk” හෝ “www.results.exams.gov.lk” වෙත පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව ඒ මහතා සඳහන් කරයි.

එම ප්‍රතිඵල ලේඛන ඊයේ (24) දිනයේදීම  සියලුම පාසල් වෙත තැපැල් කර යවා ඇති බවද එ මහතා වැඩි දුරටත් පවසයි.

(ADS)