FAST NEWS

24×7 Around the Globe

ලුණුගල බස් ගැටි 10 ක් රෝහලේ…

පස්සර ලුණුගල මාර්ගයේ මිල්ලබැද්ද 19 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් දසදෙනෙකු තුවාල ලබා හොප්ටන් ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව ලුණුගල පොලීසිය සඳහන් කරයි.

මාර්ගය සංවර්ධනය කිරීමට දෙපස ඇති ගස් කපා තිබීම හා එම අවස්ථාවේදී තිබූ වර්ෂාව හේතුවෙන් බස් රථ දෙක මාර්ගයේ ලිස්සාගොස් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.