FAST NEWS

24×7 Around the Globe

මුහුද ආශ්‍රීත සුළං තත්වයේ වර්ධනයක් – කාළගුණයෙන් අනතුරු හඟවයි..

දිවයින වටා වන මුහුද ආශ්‍රීත ප්‍රදේශලව වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව, අද පස්වරු 2 ට විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම් කාලගුණික තත්වය දිවයින හරහා සහ දිවයින වටා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතිම මීට හේතුව බව එහි සඳහන් වේ.

මෙම හේතුවෙන් මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයෙහි දැක්වෙයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේයද විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් , මෙ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට සිය නිවේදනය මගින් වැඩි දුරටත් දැනුම් දෙයි.

(ADS)