FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමීයන් අධිකරණයට නොපැමීණෙයි – නඩුව කල් තබයි..

අධිකරණයට අපහාස කිරීමේ කළැයි බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 31 වැනිදා යළි  කැඳවීමට අභියාචනාධිකරණය අද (24) තීරණය කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවකදී හෝමාගම අධිකරණ පරිශ‍්‍රයේ තුළ කළහකාරී ලෙස හැසිරී අධිකරණයට අපහාස කළ බව ඥාණසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ අද දිනයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප තත්වයකින් පසුවන බවයි.

එසේම මීළග නඩු දිනයේ දී උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒ සමගම අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිඥවරිය වැඩි දුරටත් පැවසුවාය.

ඒ අනුව මෙම නඩුව ලබන 31 වැනිදා යළි කැඳවන බවත් එදිනට නඩුව මෙම නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මණ්ඩලයක් පත් කරන බවද අහියාචනාධිකරණය සඳහන් කළේය.

(ADS)