FAST NEWS

24×7 Around the Globe

අැමති රවී ලොතරැයි මණ්ඩලය ඉල්ලීමේ හේතුව සුනිල් පාර්ලිමේන්තුවේදි කියයි..

රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට ජාතික ලොතරැයි මණ්ඩලය ආදී ආයතන ඉල්ලා සිටිමෙන් කියැවෙන්නේ එ මහතා මුදල් ඇමති කම අත්හැරිමට ඇති අකමැත්ත බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) විමසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා,

“ මුදල් ඇමතිතුමා, විදේශ කටයුතු ඇමති වෙනවා. හැබැයි රවි කරුණානායක විදේශ කටයුතු අමාත්‍යාංශයට ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉල්ලනවා.එතුමාට ලැබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය නම් ජාතික ලොතරැයි මණ්ඩලය කුමකටද? ඒකෙන් අනිත් පැත්තට ප්‍රකාශ වෙන්නේ එතුමා මුදල් ඇමතිකම අත්හරින්න කැමති නැති බවයි. මුදල් ඇමතිකමත් එක්ක එතුමා ඉන්න කැමතියි. මංගල සමරවීර ඇමතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයට මොනවා හරි ඉල්ලුවාද කියා මම දන්නේ නෑ. තානාපති කාර්යාල කිහිපයක් වගේ දේවල්.මුදල් ඇමතිකමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට රවි කරුණානායක මාරුවෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලය ඉල්ලන්නේ මොකද කියා මේ රටේ ජනතාව හොයන්න ඕන. ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන රහ මොකක්ද කියලා හොයන්න ඕන. මොකෝ පිටරටවල ලොතරැයි අලෙවි කරන්නද? එහෙම සැලසුමක් තිබෙනවානම් කමක් නෑ. මුදල් අමාත්‍යාංශයේ ඉන්නකොට ලොතරැයි මණ්ඩලයෙන් ලාභ උපයාගත් නිසා තානාපති කාර්යාල සම්බන්ධකරගෙන ලන්ඩන්වලට, නිව්යෝර්ක්වලට ලොතරැයි අලෙවිකරනවා. ඒ වගේ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා නම් ඉල්ලුවට කමක් නෑ.” යනුවෙන් පවසා සිටියේය.

(ADS)