FAST NEWS

24×7 Around the Globe

2017 ජුනි 01 වැනිදා සිට කටුනායක ගුවන්තොටේ නව නිතී..

2017 ජුනි 01 වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ගුවන්සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින්  මෙයි ක්‍රියාත්මක කෙරෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමණාකරු එච්. එස්. හෙට්ටිආරචිචි මහතා අද (24දා) ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.

නව ආරක්ෂණ ක්‍රියාපටිපාටි යටතේ ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යාහැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් ද්‍රව්‍යවල ප්‍රමාණයන් සීමාකිරීමට තිරණය කර තිබේ.

එ අනුව ජලය, බීම වර්ග, සුප්වර්ග, ජෑම්වර්ග, සෝස්වර්ග, තලපවර්ග, දියරවර්ග, ක්‍රීම්වර්ග, බෙහෙත්වර්ග, තෙල්වර්ග, විලවුන්වර්ග, ස්ප්‍රේවර්ග, ජෙල්වර්ග, වායු පීඩනයට ලක් කරන ලද බහාලුම්, රැවුල බාන පෙණ වර්ග, වෙනත් පෙණ වර්ග, ඇස් පිහාටු ආලේපන, කාමර උෂ්ණත්වය පවත්වා ගෙනයාහැකි සාන්ද්‍රණයන් මෙම දියර වර්ග, වාෂ්ප ශීලී ද්‍රව්‍ය සහ ජෙල් වර්ග යන කාණ්ඩවලට අයත් වන බව කළමණාකාර වරයා පැවසීය.

අදාළ කාණ්ඩ සියල්ලේම ප්‍රමාණය ලීටර් එකට නොවැඩි වියයුතු අතර, දියර සහිත බහාලුම් 20X20 ප්‍රමාණයේ විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතීන් බෑග්වල ඇසුරුම් කළ යුතුය.

එසේම එක් මගියෙකුට ගෙනයා හැක්කේ එවැනි බෑග් එකක් පමණක් වන බවත් කළමණාකාරවරයා සඳහන් කළේය.

වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට අදහස් කරන්නේනම් ඒවා ගුවන් ටිකට් පත්කවුළු වෙත බාරදෙන ගමන් මලුවල අසුරා ගෙන යා යාතුද හෙතෙම අවධාරණය කර සිටියේය.

මීට අමතරව බෙහෙත් වර්ග, කුඩා ළමුන්ගේ ආහාර චක්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇත්නම් ඒවා වෛද්‍යවරයෙකු ලවා සහතික කරවා ගෙන බෙහෙත් වට්ටෝරුව තමා සන්තකයේ තබා ගත යුතුය.

එසේම ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පුවලින් මිලදී ගත් භාණ්ඩ සඳහා අසුරණ එම සාප්පුවලින් නොමිලේ ලබාදිමට කටයුතු යොදා ඇති බවත් , අදාළ නීති රීති එම භාණ්ඩවලට බලනොපාන බවද හෙට්ටි ආරච්චි මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම එම භාණ්ඩ වලට අදාළ රිසිට්පත් ළඟ තබා ගත යුතු බවත්  පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ගුවන් මගීන්ගේ භාණ්ඩ ගුවන්යානය තුළට ගෙනයාම තහනම් කෙරෙනු ඇති බවත හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(ADS)