FAST NEWS

24×7 Around the Globe

කලින් නොදන්නවා වර්ජනය කිරීමට GOMA තීරණය කරයි…

මාලඹේ සයිටම් ගැටලුව සඳහා සාධනීය විසඳුමක්‌ නොලැබුණහොත් කලින් නොදන්වා ඕනෑම මොහොතක වැඩ වර්ජනයක්‌ සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව එම සංගමය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ පෙරේදා (22 දා) පවත්වා ඇති අතර එහිදි සයිටම් පිළිබඳ වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවට පැවරීමට තීරණය වී තිබේ.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවේ තීරණය අනුව ඕනෑම මොහොතක වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹිය හැකි බව එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(ADS)