FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කෙරේ…!

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයක මහතා එම තනතුරින් ඉවත් කිරීමට ඊයේ (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මිලදී ගැනීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් යොමු වූ චෝදනා පත්‍රයක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ..

පසුගිය රජයේ සිට වත්මන් රජය දක්වාම අවස්ථා ගණනාවකදී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා ඉදිරිපත්වී ඇත.

(ADS)