FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරුන්ට වාහන ගැනීම තාවකාලිකව අත්හිටුවයි…

අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත්  කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව කථානායක කරූ ජයසූරිය මහතාට දන්වා ඇති බව වාර්තා වේ.

එ අනුව රජයේ ඇමතිවරුන් මේ වන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත්, එය ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කරන ලෙසද රාජ්‍ය මුදල් කාරක සභාව අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද දැනුම් දී ඇති බවද සඳහන්.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගියදා හිමි වී තිබුණි.

(ADS)