FAST NEWS

24×7 Around the Globe

විද්‍ය දැරිය ඝාතන නඩුව යාපනයේදීම විභාග කෙරේ…

2015 මැයි 13 වැනිදා පැහැරගෙන ගොස් සමුහ දූෂණයට ලක් කර මරා දැමූ යාපනයේ  විද්‍යා දැරියගේ ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇති අතර යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමශංකර් යන  විනිසුරුවරු ද මෙම විනිසුරු මඩුල්ලට අයත් වෙති.

යාපනය කයිඩ්ස් පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය දූෂණයට ලක්කර ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු අතර මෙහි සැකකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.

(ADS)